හා හා පුරා කියලා මේ අවුරුද්දේ අපේ ලොකු සර් මට හය වසරෙ පංතිය භාර දුන්නා. සර් කියන විදියට නම් දැන් ඒ පැටවුන්ගෙ ඉස්කෝලෙට ඉන්න අම්මා මම. ප‍්‍රාථමික අධ්‍යාපනය හමාර කරල ද්විතීයික අධ්‍යාපනයට ආපු ඒ අලූත් පොඩි උන් ටික ටීචටත් දවසින් දවස අලූත් අත්දැකීම් අරගෙන එනව. පොඞ්ඩ බැරි උන ගමන් මාව හොයාගෙන දුවගෙන එන ඒ දරුවො දැන් මාව ඉස්කෝලෙට ලං කරන යදමක් වගෙයි.
අද මගේ පොඩි කෙලි පැටියෙක් ඉස්කෝලෙදි ලොකු ලමයෙක් වෙලා.
පන්තියේ අනිත් දු පැටවු ටික මාව හොයාගෙන
දුවගෙන ඇවිත් මට රහසින් පණිවිඩය කිවුවා. මගේ කුසින් උපන් දියණියක නොවුනත් ටීචගෙ නෙතෙත් පුංචි සතුටු කදුලක්!
අලූතින් තටු පිල් තටු ආපු මොණරියක් වගේ ඉන්න දෝනිව ඇගේ
අම්මා ඇවිත් කඩිමුඩියෙ සුදු රෙද්දකින් වහගෙන දෝණිව ගෙදර එක්ක යද්දි ‘ගුරු මව’ කියන වචනෙ තේරුම මට
මේ දැනෙන හැඟීම වෙන්න ඇති කියල මට හිතුනා.
ඒවගේම මට මතක් වුණා ඉස්සර අපේ චූටි අයිය මට ලියල දීපු
කවියක්. දැන් නම්
ලොකු ලොකු අයට චූටි අයිය සින්දු ලිව්වට මුල්ම සින්දුව ලිව්වේ මේ පුංචි නංගි
වෙනුවෙන් නේද කියලා සියුම් ආඩම්බරේකුත් මගේ හිතට දැනුනා.
කිරිබත් තසිමක් කුස්සිය මැද්දේ
පැලට උඩින් තරු දිලෙන වෙලේ
පුංචි නංගියත් නැහැ නොවැ සද්දේ
පිට්ටුද ඒ හූ කියන කටේ
නලාව අරගෙන මුලු ගේ හොල්ලන
බොලඳිය නෑ නෙත ගැටෙන ඉමේ
මෙන්න බොලේ ඈ කැඩපත අද්දර
පිල්තටු දැන් ලැබු මොණරිය සේ
නලාව අතහැර පනාව අරගෙන
පැංචියෙ මට වැටහුණා හොරේ
හැඩ රැක ගන්නා සේම ගතේ ඔය
නමේ හැඩත් රැක ගනින් නගේ
මටත් මෙග් පන්තියෙ පුංචි දූට කියන්න ඕන වුණා “හැඩ රැක ගන්නා සේම ගතේ
ඔය
නමේ හැඩත් රැක ගනින් දුවේ’’ කියල.
හයේ පන්තියෙ ළමයිනුත් දැන් ලොකු ළමයි වෙනවා. පුංචි ඇටිකිචි කෙලි පැටියෝ....
ReplyDeleteමේ සැරේ මට යනත්ම් අටේ පන්තිය. ලොකු පන්ති එපා වෙලා හිටියේ....
දිගටම ලියන්න...සුබ පැතුම්