රුක් අත්තන
මල්..........................!!!
ඉඩෝරය අවසන්
කරපු රජරට අහස අනෝරා මහ වැසි අරං ඇවිත්.. පහුගිය කාලේ දුඹුරු පාට වෙලා තිබුණු
පරිසරය නිල් පාටින් බබලන්න පටං අරන්.ඉස්කෝලේ ප්රධාන
මිදුල මැද තියන ලොකු ගහක සුදු පාට පුංචි මල් පොකුරු පොකුරු පිපිලා.. මොන වගේ
සුවඳක්ද කියල විස්තර කරන්න බැරි, සමාන කරන්න පුළුවන් උපමා මම දන්නෙ නැති අමුතුම
මිහිරි සුවඳක් ඒ මල් වලින් මුළු පරිසරයටම බෙදනවා. ඒ සුවඳ ගැඹුරු සුවඳක්... ගහ
පුරාම සමනල්ලු පිරිල ඉන්නවා. මිදුලෙ ඇවිදිද්දි ඇඟේ හැප්පෙන තරමටම සමනල්ලු ඇවිත් ඒ
සුවඳ විඳින්න. උදේට යනකොට මල් ගහ යට සුදු පාටට පාවඩයක් අතුරල වගේ.
ඉස්කෝලේ පුංචි
පැටවු නම් මට කිවුවෙ ඒ රුක් අත්තන ගහක් කියලා.
මල් පිපෙන්නෙ
හැන්දෑවටළු. කාලෙකට විතරලු මල් පිපෙන්නෙ. ඒ වගේම සර්ප විෂට බෙහෙතක් විදියටත් රුක්
අත්තන ලී ගන්නව කියල මට කියල දුන්නා.
ගමේදි නම් අපි
රුක් අත්තන කිවුවෙ කහ පාට ලොකු මලකට. ඒත් ඒ මල් මේ පුංචි මල් පොකුරු තරම් සුවඳ නෑ.
මට මතක් උණා නන්දා මාලනියන්ගෙ සින්දුවක්..
රුක් අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ…
සැදෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ…
ඇත්තටම රුක්
අත්තන කියන්නෙ මේ පුංචි මල් වලට වෙන්න ඇති කියල ඒ සින්දුව මත්ක වුණාම මට හිතුණා.
Nice thought..!
ReplyDeleteThank u.. :)
Delete