බලාපොරොත්තු, කුතුහලය, භය, පාළුව හදවතට තුරුල් කරගෙන ඇස්
දෙකට උනපු කඳුළු කැට වැහෙන්න හිනාවක් මුවට පුරෝගෙන රජරටට ඇවිත් සතියක් ගතවෙලා.
අව්ව නම් ටිකක් සැරයි.. ඒත් ඉස්කෝලෙ පුංචි පැංචියන්ගෙ
හිනාවෙන් ලෙන්ගතුකමෙන් දුවිල්ලෙ, අව්වෙ සැර අඩු වෙලා දැනෙනවා. ජාතික පාසලක ඉගෙනගෙන
ජාතික පාසලක සීමා වාසික පුහුණුව සම්පූර්ණ කල මට දැන් අළුත්ම අත්දැකීමක්...
ඉස්කෝලෙටම ඉන්නෙ ළමයි දෙසීයකට ආසන්න ගණනක්!! එයිනුත් භාගයක් ප්‍රාථමික අංශය. මෙතෙක් කල් මම දැකපු අව්‍යාජතම සිනහව හැමදාම
උදේට computer lab එක වට කරගන්න
පුංචි උන්ගෙන් මම අද දකිනවා. සුදු ගවුමෙ කහ මැකෙන්න හිනා කටක් මූණට අරගෙන ඉරුන
ගවුමෙ රැල්ල ඉනට තියලා කටුවක් ගහගෙන ජීවිතේට නැණ වඩන්න දිරි දරන පුංචි උන් එක්ක ගත
වෙන කාලය හරිම සුන්දරයි. ඉස්සර ඉස්කෝලෙදි 10,
11 ළමයි මගෙන් අහන්නේ ටීච අපි internet යන්නද කියල? ඒත් අද
මගේ 10, 11 පන්තියෙ ළමයි
අහන්නේ ටීච අපි චිත්‍රයක් අඳිමුද කියලා..
අළුත්ම අළුත් computers
10ක් එක්ක සියළුම පහසුකම් සහිත lab එකක් තිබිලත්
උගන්නන්න ටීච කෙනෙක් නැති නිසා ඒ අහිංසක දරුවො lab එක වහල යතුරු අරං තියල තිබුනා. ඒත් මම දන්නවා නගරයේ
සමහර පාසල් වල පරිගණක සංඛ්‍යාවටත් වැඩිය පරිගණක ගුරුවරු ඉන්න බව. ඒ කොතනක හෝ
සිදුවන වරදක් නිසා.. සමහර විට බෝඩ් ලෑලි උස්සගෙන නිදහස් අධ්‍යාපනයේ සම අයිතීන් ඒ
දරුවො ඉල්ලන්නෙ නැති නිසාද දන්නෙත් නෑ.
කොහොම උනත් ඇත්තටම ඒ දරුවො අහිංසකයි. අද මම lab එකේ ඉන්නකොට අපූරු
ගීතයක් ඇහුනා පොඩ්ඩො ටිකක් තාලෙට ගායනා කරනවා.
අකුරට යනවයි කියලා ටිකිරි අයිය බැඳි වලමයි
ඉන්නකො මං ගුරු ගෙදරට ගිහින් කියන්නම්...
ගිහින් කියල මේ බැද්දෙදි අල්ලා දෙන්නම්..
මම
ආයෙමත් හිතුව “පොරකය දෑස
මානේ...” කිය කිය
කොන්ඩෙ ජෙල් ගගා කෙලින් කරන මහ මිනිස්සු වෙන්න දඟලන සුප්‍රසිද්ධ පාසල් වල ළමයින්ට
වඩා මේ දුෂ්කර ගම්මානෙ පුංචි උන්ගෙ හිත් මොන තරම් ලස්සනද කියල. ඒ වගේම සතුටු උනා
මම පළවෙනි පත් වීම අරගෙන මේ වගේ පාසලක සැබෑ ළමාකම රැකි දරුවන් එක්ක හිත සතුටින්
වැඩ කරන්න ලැබීම වාසනාවක් යැයි හිතුන නිසාවෙන්.
This comment has been removed by the author.
ReplyDeleteඇත්තටම නෙතට කඳුලක් එක්ක අමුතු සුන්දර හැගීමක් ඇති වුනේ දරුවන්ගේ ආදරේ ලබන්න මාත් පින් කරලා තියෙන නිසා
ReplyDeleteගුරුවරු වුන අපිව ජීවත් කරන්නේ දරුවන්ගේ ආදරේ